බැඳුම්කර නිකුතුව පෞද්ගලික අංශයට යොමු කරනුයේ අගමැතිවරයා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළ බව මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ ඊයේ (07) ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව පවත්වන පරීක්ෂණ හමුවේ කරුණු දක්වමින් නිලධාරීන් මේ බව සඳහන් කර ඇති බව පැවසේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (07) පැවැත්විණි.
නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රධාන මහ බැංකු නිලධාරීන් විසි ගණනක් කෝප් කමිටුව හමුවේ පෙනී සිට ඇති අතර ඊයේ පස්වරු 2.30 සිට සවස 5.30 දක්වා කෝප් කමිටුව රැස්වී සාකච්ඡා කර ඇති බවත් පැවසේ.
මුලින්ම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නිලධාරීන්ගෙන් විමසා ඇත්තේ මෙය රජයේ ප්‍රතිපත්තියක් මත හිටපු අධිපතිවරයා ගත් තීරණයක් නොවන්නේද යන්නයි.
නියෝජ්‍ය මහ බැංකු අධිපති සමරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ අධිපතිවරයා වරදක් කර නැති බවයි.
නමුත් නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රධාන තවත් නිලධාරීන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවා මේ ගනුදෙනුව පිළිබඳ අනතුරු අඟවා තිබියදී මහ බැංකු අධිපතිවරයා එය කර ඇති බවයි.
එසේම මුදල් මණ්ඩලයේ අනුමැතියක් නැතිව මෙම වෙන්දේසිය පවත්වා පසුව මුදල් මණ්ඩලය දැනුවත් කර ඇති බවද එම නිලධාරීන් කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.
නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා නව මහ බැංකු අධිපතිවරයාගෙන් මෙම ගනුදෙනුව පිළිබඳව දරන අදහස විමසා තිබේ.
නව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් මහ බැංකුවේ රාජකාරි භාරගෙන වැඩි කාලයක් නැති බවත් මේ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් දන්නේ එහි සිටි නිලධාරීන් බවත්ය.
බැඳුම්කර ගනුදෙනුව සිදු කළ පෞද්ගලික සමාගම මීට පෙරත් බැඳුම්කර ගනුදෙනු කර ඇති නිසා මේ සිද්ධියට පමණක් එය ගන්නේ හිටපු අධිපතිවරයාට මඩ ගැසීමට නොවේදැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විමසා තිබේ.
ඊට පිළිතුරු දුන් නිලධාරීන් කියා ඇත්තේ පෞද්ගලික අංශය සමග මේ ගනුදෙනුවට නොයන ලෙස සියලු දෙනා දැනුම් දුන් බවයි.
එසේවුවද අගමැතිවරයා ප්‍රකාශ කළ බව කියමින් පෞද්ගලික අංශය සමග මේ ගනුදෙනුවට ගිය බවද නිලධාරීන් කියා ඇත.
අවසානයේ පරීක්ෂණය තවදුරටත් පවත්වාගෙන යාමටත් කෝප් කමිටු සාමාජිකයන් විගණකාධිපති වාර්තාව හා නිලධාරීන් සමග කළ සාකච්ඡාවට අදාළව ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් තීරණය කරමින් කමිටු රැස්වීම අවසන් වී තිබේ.
කෝප් කමිටුව නැවත අගෝස්තු 16 දා රැස්වීමටද තීරණය කර ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.