FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකර ජයරත්න හා නිශාන්ත වික්‍රමසිංහ ජනපති කොමීසමට.

ශ්‍රී ලංකන් ගුවන්සේවාවේ සිදු වී තිබෙන රාජ්‍ය සම්පත් අවභාවිතය වංචා දූෂණ පිළිබඳ විමර්ශනයේ නොතීසිලත් පාර්ශ්වයන් වන හිටපු ඇමැතිවරයකු වන ප්‍රියංකර ජයරත්න, හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පස් දෙනෙකු කොමිසමේ නියමය පරිදි ලිඛිතව හා වාචිකව ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ අද (8) කරුණු දැක්වීම සිදු කරති.

එම මහත්වරුන් සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරුන් වන කපිල චන්ද්‍රසේන, මනෝජ් වාස් ගුණවර්ධන, සරත් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු හිටපු ගුවන්සේවිකා නිත්‍යා හේෂානි සමරනායක මහත්මිය කොමිසම හමුවේ අද පෙනී සිටිමින් කරුණු දැක්වීම තම නීතිඥවරුන් මාර්ගයෙන් සිදු කරනු ලැබේ.