FAST NEWS

24×7 Around the Globe

බදු සහන ලැබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ප්‍රකාශ කෙර්.

බදු සහන ලබාදීම යටතේ නිශ්චිත ලෙස මිල නියම කෙරෙන අත්‍යවශ්‍ය භාණ්‌ඩ 10 මොනවාදැයි යන්න රජය අද (8දා) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ ජීවන මිල පාලන කමිටුව අත්‍යවශ්‍ය භාණ්‌ඩ 10 සඳහා නිශ්චිත මිලක්‌ නියම කිරීමට තීරණය කර තිබුණි.

ඒ අනුව කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය විසින් මෙම භාණ්‌ඩ හා ඊට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

මෙම මිල පාලන කමිටුවේ සභාපති ධුරය ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා දරන අතර රවි කරුණානායක, රිෂාඩ් බදියුදීන්, පී. හැරිසන් යන ඇමැතිවරුන්ගෙන් සමන්විත වේ.