FAST NEWS

24×7 Around the Globe

සාලාව වැසියෝ විදී බසිති.

ප්‍රදේශවාසීන් විසින් සිදුකෙරෙන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය(හයිලෙවල්)සාලාව යුද හමුදා කඳවුර අසලින් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

මෙම හේතුව නිසා මේවන විට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවද පොලිසීය පවසයි.

කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ගමන්ගන්නා රථ වාහන මෙන්ම අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වන රථ වාහන විකල්ප මාර්ග භාවිතා කළ යුතු බව පොලීසිය සඳහන් කර සිටියි.