FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මුදා හැරෙයි.

ප්‍රධාන මාර්ගය අවහිර කරමින් රුපියල් 89, 000 ක අනර්ථයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා ඇතුළු සිවු දෙනෙකු එයින් මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා කටයුතු කරනු ලැබීය.

එසේම පාසලට බලෙන් ඇතුළුවීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන මවුවරුන් 9 දෙනා මේ වන විට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කොට තිබේ.

මීගහතැන්න පාසලේ විදුහල්පති හා තවත් ගුරුවරියක් ඔවුන්ව හඳුනා ගැනීමට අධිකරණයට පැමිණ සිටිති.