FAST NEWS

24×7 Around the Globe

නව මහ බැංකු අධිපති අද කොප් කමීටුවට.

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා අද (07) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවා ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද සවස පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌ වේ.

පසුගිය සතියේ රැස්‌වූ කෝප් කමිටුව අද දිනයේදී මහ බැංකු අධිපතිවරයාට සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට කමිටුව හමුවට ඉදිරිපත් වන ලෙස දැනුම්දී ඇත.

ඒ වනවිට මහ බැංකු අධිපතිව සිටියේ අර්ජුන මහේන්ද්‍රන් මහතාය. මහබැංකු අධිපතිවරයාගේ නමින් නොව තනතුරේ නාමයෙන් මෙම කැඳවීම කළ නිසා අද කෝප් කමිටුව හමුවේ නව අධිපතිවරයාට පෙනී සිටීමට සිදුවන බව පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකයෙක්‌ පැවසීය.