FAST NEWS

24×7 Around the Globe

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටේ ගැටලුව කොප් කමීටුවට.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු කැබිනට්‌ අනුමැතියකින් තොරව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට පැවරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට (පොදු ව්‍යාපාර කාරක සභාවට) පැමිණිලි කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෘත්තීය සමිති තීරණය කර තිබේ.

අදාළ මෙහෙයුම් කටයුතු පැවරීමේ තීරණය රජයේ ආර්ථික අනුකමිටුව විසින් ගෙන ඇතැයිද එවැනි තීරණයක්‌ ගැනීමට ඔවුන්ට බලයක්‌ නැතැයිද වෘත්තීය සමිති කියා සිටී.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අතර 2011 දී අත්සන් කළ ගිවිසුම අනුව 2021 දක්‌වා ගුවන් තොටුපළ සේවා ඒකාධිකාරය ශ්‍රී ලංකන් ගුවන් සේවයට හිමිව තිබිණි.

කෝප් කමිටුවට එම පැමිණිල්ල භාරදීම 8 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකෙරේ.