FAST NEWS

24×7 Around the Globe

තෙවරප්පෙරුම ඇතුළු සිව් දෙනකු ලබන රිමාන්ඩ්.

මීගහතැන්න ප්‍රාථමිකයට ළමයින් නව දෙනකු බලහත්කාරයෙන් ඇතුළු කළැයි සැකපිට පොලිස් අත්අඩංගුවට පත් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු සිව් දෙනකු ලබන 7 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මතුගම මහේස්ත්‍රාත්රයා ඊයේ (5) නියෝග කළේය.

වලල්ලාවිට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයසේන මල්ලවාරච්චි, වලල්ලාවිට හිටපු විපක්ෂ නායක දිලිප් පිටිගල සහ තුෂාර ලියනාරච්චි එසේ රිමාන්ඩු කැරුණු සෙසු සැකකරුවෝය.