FAST NEWS

24×7 Around the Globe

AHTIC සමුළුවේ නිල වෙබ් අඩවිය ජනපති අතින් විවෘත කෙරේ .

ආසියානු කලාපයේ හෝටල් සහ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පළමු වතාවට පවත්වනු ලබන ආසියානු හෝටල් සහ සංචාරක කර්මාන්ත සමුළුව හෙවත් AHTIC සමුළුව (Asia Hotel and Tourism Investment Conference)  මෙම නොවැම්බර් 27 වන දින සිට 29 වනදා දක්වා කොළඹදි පැවැත්වෙන අතර එහි නිල වෙබ් අඩවිය විවෘත කිරීම අද (05) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනාධිපති නිල නිවසේදී සිදු විය.

ඒ අනුව www.asia-conference.com  වෙබ් අඩවිය ඔස්සේ සමුළුව පිළිබද තොරතුරු ලබාගත හැකිය.

මේ අතර එම සමුළුව සදහා නිල ආරාධනා පත්‍රය සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

රාජ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. හිස්බුල්ලා, AHTIC සමුථ සභාපති ප්‍රභාත් උක්වත්ත යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.