FAST NEWS

24×7 Around the Globe

පන්නිපිටියේදී මොටර් රථයකට පොලීසියෙන් වෙඩි.

පන්නිපිටිය – අඹගස් හතර ප්‍රදේශයේදී හෙරොයින් ප්‍රවාහනය කරන බවට සැක කෙරුණු මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා ඇති බව වාර්තා වේ.

මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරකට පොලීසිය එම ස්ථානයට අද (05) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී අදාළ සැකසහිත මෝටර් රථය පළා යාමට උත්සාහ කර ඇති බව පැවසේ.

පසුව පොලීසිය එම මෝටර් රථයට වෙඩි තබා ඇති අතර, මෝටර් රථය තලවතුගොඩ ප්‍රදේශය දෙසට පළා ගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

වෙඩි වැදීමෙන් මෝටර් රථය තුළ සිටි පුද්ගලයින්ට තුවාල සිදුවී ඇති ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව පැවසේ.