FAST NEWS

24×7 Around the Globe

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ගත් තීරණය සම්න්ධ පෙත්සම විභාගයට ගැනේ.

මෙරට නිදහස් දින ජාතික උත්සවයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ගත් තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව එය ලබන සැප්තැම්බර් මස 01 වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන බව ඊයේ (04) රැස්වූ අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා සහ ඊවා වනසුන්දර විනිසුරුවරිය ප්‍රකාශ කළේය.

මෙම තීරණය ගෙන ඇත්තේ එම පෙත්සම ව්‍යවස්ථා අර්ථ නිරූපණයත් සමග බැදෙන බැවින්  බව වාර්තා වේ.

පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මෙරට ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය ගායනා කළ හැක්කේ සිංහල භාෂාවෙන් පමණක් වන බැවින් එය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් සහ එම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමිනි.