FAST NEWS

24×7 Around the Globe

වැට් බදු සංශෝධනයේදි ආණ්ඩුව පාර්ශවයෙන් අඩුපාඩු සිදු වෙලා.

මෑතකදී කෙරුණු වැට් බදු සංශෝධනයට අදාළව ආණ්ඩුව පාර්ශවයෙන් අඩුපාඩු සමහරක් සිදුව ඇතැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කරයි.

කෙසේවුවද එම අඩුපාඩු නිවැරදි කර ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන ලබාදෙන බව ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

වැට්බද්ද පිළිබඳව වෙළඳ සංගම් නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති පැවති සාකච්ඡාවේදී හෙතෙම එම පොරොන්දුව ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම සාකච්ඡාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද වෙළෙඳ සංගම් නියෝජිතයින් ද ඊට සහභාගි වී ඇත.

භාණ්ඩවල මිල වෙනස්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම මූලික කාර්යයක් බවත්, ඒ පිළිබඳ සොයාබැලීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කළයුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

පවතින අඩුපාඩු මගහරවා ගැනීම සඳහා බදු ගණනය කිරීමේ පටිපාටිය වඩා විධිමත් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.