FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංගමයෙන් දිප ව්‍යාප්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු ඩිපෝ හා ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංගම සුරැකීමේ වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

ලබන 07 වනදා එම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන බව එම සන්ධානයේ කැදවුම්කරු සේපාල ලියනගේ මහතා පැවසී ය.

රුපියල් 2500 මූලික වැටුපට එකතු කිරීම, ඒකාබද්ධ කාල සටහන් ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් එම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධාන කරන බව වාර්තා වේ.

තම ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කළද මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාර නොලැබුණ බව සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.