FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාතික පරීක්ෂණය ගැන ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ – TNA

ශ්‍රී ලංකාවේ සිදු වීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු කළ යුතු බවට තමන් පෙර සිටි ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුවි නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඒසේම මෙම සම්බන්ධයෙන් සහනදායි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ලංකාව සහ ඇමෙරිකාව සමග ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරයන කතාවේ සත්‍යතාවක් නැතැයි ද එම පක්ෂය වැඩිදුරටත් පවසයි.

සියලු පුරවැසියන්ට යුක්තිය ඉටු කිරීමට සහ  සමානාත්මතාවයෙන් සැලකීමට සහ නොබෙදුණු ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැගීම තම අපේක්ෂාව බව ද දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.