FAST NEWS

24×7 Around the Globe

ජානිපෙ මොහෙමඩ් මුස්ම්මීල් නැවතත් රිමාන්ඩ්.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් අයතා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ලබන 7 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් කටයුතු කළ කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් වාහනය 2010  වසරේදී ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසුව යළි භාරදී නොමැති බව අද පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් නිල වාහනයක් සඳහා රුපියල් ලක්ෂ 62කට අධික මුදලක් ලබා ගෙන එය සිය බිරිදගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.