FAST NEWS

24×7 Around the Globe

අයි.සී.සී ය විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීම වෙනස් කරයි !

අනත්ර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමවේදයේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ස්කොට්ලන්තයේදී පැවති ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුවෙදි මෙම වෙනස්කම් පිළිබඳව සාකච්ඡාවට බඳුන්වී ඇති බව පැවසේ.

එහිදි ප්‍රධාන ලෙස සැලකිල්ල යොමුව ඇත්තේ පෙර පැවති ක්‍රමවේදයට කඩුල්ල මුවා කිරිමේ වරද යටතේ පන්දුවේ අඩකට අඩු ප්‍රමාණයක් කඩුල්ලේ ගැටෙන අවස්ථාවේදී පිතිකරුවා දැවී නොගිය ක්‍රීඩකයෙකු ලෙස තීරණය කිරීම සම්බන්ධටයෙනි.

නමුත් පන්දුව කඩුල්ලේ ගැටීමක් සිදුවිය හැකි  ඕනෑම අවස්ථාවක තුන්වන විනිසුරුට එය දැවීයාමක් ලෙස නම් කළ අකාරයෙන් නව නීතියට අනුව හැකියාව ලැබෙයි.