FAST NEWS

24×7 Around the Globe

හෘද රෝගීන් සඳහා අවශ්‍ය ස්‌ටෙන්ට්‌ස්‌ ඇමති නියමයෙන් නොමීලේ.

හෘද රෝගීන් සඳහා අවශ්‍ය ස්‌ටෙන්ට්‌ස්‌ (හෘදය වස්‌තුවට රුධිය ඇතුළු පෝෂක කොටස්‌ ගෙන යනු ලබන කිරීටක ධමනියේ ඇතිවන අවහිරතාවයන් මඟහැරවීම සඳහා යොදාගනු ලබන උපකරණය) රෝගීන්ට නොමිලේ ලබා දෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට නියෝග කර ඇත.

හෘද රෝග ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඇන්ජියෝ ප්ලාස්‌ටික්‌ ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය ස්‌ටෙන්ට්‌ස්‌, රෝගීන් විසින් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගෙන ශල්‍යකර්ම සිදුකර ගැනීම මෙතෙක්‌ පැවැති ක්‍රමවේදයයි. එම ක්‍රමවේදය වහාම වෙනස්‌ කර අවශ්‍ය ස්‌ටෙන්ට්‌ස්‌ නොමිලේ ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට නියෝග කර ඇත්තේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී ය.

රෝගීන්ට අවශ්‍ය ස්‌ටෙන්ට්‌ස්‌ වාර්ෂිකව මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 1.2 ක්‌ වැය වේ.