FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර සමූපකාර දිනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් සැමරේ.

ලාංකීය සමූපකාර ව්‍යාපාරයේ මෙහෙවර අගයමින් ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් පාසල් දරුවන් අතර පැවති චිත්‍ර, රචනා සහ නාට්‍ය තරගයන්ගෙන් ජයග්‍රහණය ලැබූ දරු දැරියන්ට තිළිණ ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.

‍මෙහිදී ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

 කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන්, ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් ඒ. පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.