FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා රජයේ රෝහල්වල වර්ජනයක්.

දිවයින පුරා රජයේ රෝහල්වල අද(04) දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංකේත වැඩ වර්ජනයක් මෙ වන විට ක්‍රියාත්මක වේ.

අද පෙරවරු 08.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැය 04ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ ආයුර්වේද වෛද්‍යවරුගේ සංගමය ඒකාබද්ධව සිදු කරන මෙම වැඩවර්ජනයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති ගණනාවක් සහය පළ කර ඇති බව  සඳහන්ය.

කෙසේ වෙතත් වර්ජන කාලසීමාව තුළ රෝහල්වල අත්‍යවශ්‍ය කටයුතු සිදු කරන බව එම සංගමය පවසයි.