FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය යථා තත්වයට.

ධීවරයින් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් බාධා එල්ලවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර ධීවරයින් පිරිසක් අද (04) උදෑසන සිට විරෝධතාවයක නිරතව ඇත.

ඔවුන් එම දුම්රිය ස්ථාන අතර එක්රැස්වී තිබූ කුණු කසල දුම්රිය මාර්ගයට ගෙනවිත් ඒවා ගිනි තබා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් පොලීසිය මැදිහත්වී සිද්ධිය සමථයකට පත් කර ඇත.