FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව පදනම් කර ගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සකස්‌ කරන විශේෂ කෝප් වාර්තාවක්‌ ජුලි මස අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අදාළ වාර්තාව පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් තවදුරටත් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මෙම 05 දා (අඟහරුවාදා) යළි කෝප් කමිටුව රැස්‌වන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ පිළිබඳ කෝප් සාමාජිකයන්ට තවදුරටත් මහබැංකුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර කරුණු පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වූවොත් 06 වැනිදා ද කෝප් කමිටුව රැස්‌වීමට තීරණය කර ඇතැයි කී හෙතෙම මෙම කරුණු සියල්ල පදනම් කර ගනිමින් අවසානයේදී බැඳුම්කර සිද්ධියට අදාළව විශේෂ කෝප් වාර්තාවක්‌ සකස්‌ කරන බවද කීවේය.

මෙම විශේෂ කෝප් වාර්තාව ජුලි මාසය අවසාන වෙද්දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.