FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් ලබන 18, 19 සිංගප්පූරු සංචාරයක.

සිංගප්පූරුවේ ලබන 18, 19  දෙදින පැවැත්වෙන දකුණු ආසියානු ඩයස්පෝරා සංසදයේ තුන්වන සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන්  සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට සංචාරය කිරීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍යවරයා විසින් එහි ප්‍රධාන දේශනය සිදු කිරීමට ද නියමිතය.විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද සැසිවාරය ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කර සිටී.

කලාපිය වෙළඳාම, ආර්ථිකය සහ ප්‍රතිපත්ති පිළිබඳවත් අනාගත අභියෝග පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සැසිවාරය සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු කලාපයේ දේශපාලන, ව්‍යාපාරික, අධ්‍යාපන සහ සිවිල් සංවිධාන නායකයින් සහභාගී වන බව වාර්තා වේ.