FAST NEWS

24×7 Around the Globe

හෝමාගම ප්‍රාදේශිය සභවේ හිටපු සභාපති පොලීසියට භාර වෙයි.

හෝමාගම ප්‍රාදේශිය සභවේ හිටපු සභාපති ඉන්දික කෝරළගේ මහතා අද (01) පොලිසියට බාර වී තිබේ.

ඒ අනුව ඉන්දික කෝරළගේ මහතා සමග තවත් සිව්දෙනෙක් පොලිසියට බාර  වී ඇති බව පොලීසිය පවසයි.

හෝමාගම ගොඩගම ප්‍රදේශයේ අවන්හලකට කඩාවැදුනු පිරිසක් පෙරේදා(29) රාත්‍රීයේ පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදුකර පළාගොස්  ඇත.

එම සිද්ධියෙන් පහරකෑමට ලක් වු පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඉන්දික කෝරළගේ මහතා සමග පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

එ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයා පොලීසියට භාර වී ඇති බව පැවසේ.