FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන් යළි වැඩ වර්ජනයකට යයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජුලි මස 04දා යළි සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඒ අනුව ජුලි මස 04 වන සඳුදා දිනයේ පෙරවරු 8 සිට දහවල් 12 දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකිරීමේ අරමුණින් වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව නිවේදනයේ සඳහන්ය.