FAST NEWS

24×7 Around the Globe

රටවල් 12 ක්‌ ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක් ඉල්ලයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි රටවල් 12 ක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත.

මෙම රටවල් නම් ප්‍රංශය, මැසිඩෝනියාව, චෙක්‌ රාජ්‍යය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, මොන්ටිනිග්‍රෝ, නෝර්වේ, කැනඩාව, එස්‌ටෝනියාව, ඇල්බේනියාව සහ ස්‌විට්‌සර්ලන්තය වේ.

එස්‌ටෝනියා තානාපතිවරයා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතිය අත්සන් කළ යුතු බව ද ප්‍රකාශ කර ඇත.

ඇල්බේනියා තානාපතිවරයා ශ්‍රී ලංකා රජයේ දේශීය යාන්ත්‍රණය පිළිගැනීම මුලුමනින්ම ප්‍රතික්‌ෂේප කර තිබේ.

මෙහිදී ඔස්ට්‍රේලියා රජය පමණක්‌ ශ්‍රී ලංකාවට සහාය වන බව ප්‍රකාශ කර ඇත.