FAST NEWS

24×7 Around the Globe

ප්‍රාග්ධන බද්ද වැට්‌ බද්දටත් වඩා භායනකයි.

ආණ්‌ඩුව අලුතින් හඳුන්වාදීමට සූදානම් වන ප්‍රාග්ධන බද්ද වැට්‌ බදු වැඩිකිරීමටත් වඩා භයානක බද්දක්‌ යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ජනතාව බදු බරින් මිරිකී තිබෙනවා මදිවට තවත් බදු ගහන විදි ආණ්‌ඩුව කල්පනා කරමින් සිටින බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා ප්‍රාග්ධන බද්දක්‌ කියා අලුතින් බද්දක්‌ ඉතිරි සති ගණන ඇතුළත හඳුන්වා දෙන බවට අගමැතිවරයාත් ඇමැතිවරුත් ප්‍රකාශ කර ඇතැයිද කීවේය.

ප්‍රාග්ධන බද්ද වැට්‌ බදු වැඩි කළාට නොදෙවෙනි බද්දක්‌ ලෙස හැඳින්විය හැකි බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙය ධනය තිබෙන අයට පමණක්‌ බලපාන බද්දක්‌ නොවන බවද පැවැසීය.

ඕනෑම කෙනකුට ගොවියෙකුට කම්කරුවෙකුට තිබෙන දේපළක්‌ ඉඩමක්‌ විකිණුවත් එය ගත් මිලයි විකුණුම් මිලයි අතර වෙනසට ගහන බද්දක්‌ බැවින් ණයක්‌ අරගෙන හදපු ගෙයක්‌ විකුණුවත් මේ තුළින් බදු අය කෙරෙන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.