FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන්ට ගල් ගසා මරන්නට සිතා සිටි ඇමැති උපුල්ට ඇප.

 

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ගල් ගසා මරා දමන තුරු බලා සිටින බවට තිස්සමහාරාම වීරවිලදී පැවසීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි දකුණු පළාත් ඇමැති ඩී වී උපුල් රුපියල් විසි පන් දහසක මුදල් හා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගමන් ද තහනම් කැරිණි.