FAST NEWS

24×7 Around the Globe

තෙල් සංස්ථාව බිලියන ගණනක පාඩු ලබයි.

 

තවත් මාස තුනක් ගතවන තෙක් ඉන්ධන මිල වැඩි නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් සුරේන් බටගොඩ මහතා පැවසුවේ ලංකා අයි.ඕ.සී සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව ය.

එවැනි ඉල්ලීම් ඉදිරිපත් කළ ද මිල සුත්‍රයක් සකසා ජනතාවට ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ විනිවිදභාවයක් ඇති කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

ලේකම්වරයා පැවසුවේ මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන බවය.

පසුගිය මාස 4 හි බදු ගෙවු පසු සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන 4 ක් බව ද සුරේන් බටගොඩ මහතා සඳහන් කළේය.