යුද්ධය නිසා අවතැන් වූ මුස්ලිම් ජනතාව යලි පදිංචි කරන ලෙස ඉල්ලා ජනතා පෙත්සමට අත්සන් ගැනීම අද දින මරදාන සහිරා විද්‍යාලය අසලින් ආරම්භ විය.
මේ අවස්ථාව සදහා විශාල පිරිසක් පක්ෂ,ජාති භේදයකින් තොරව සහභාගී වූ අතර ලක්ෂ 2ක අත්සන් ගැනීම මෙහි සංවිධායකයන්ගේ ප්‍රධාන අභිප්‍රායයි.
ඉදිරි දින 3 මේ සදහා අත්සන් කිරීමට මහජනයාට අවස්ථාව සලසා ඇත.අත්සන් ලබා ගැනීමන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙම පෙත්සම භාරදීමට නියමිතය.













