අද සවස මාතර මහින්ද රැලියට සන්ධානයේ මන්ත්‍රීවරු 75ක්. (නාම ලේඛනය)

අද සවස මාතර මහින්ද රැලියට සන්ධානයේ මන්ත්‍රීවරු 75ක්. (නාම ලේඛනය)

 

“දිනූ නිදහස අනතුරේ – මහින්ද සමග නැගිටිමු” යන තේමාව යටතේ අද (12) සවස 3.00ට මාතරදී පැවැත්වෙන මහජන රැලිය සඳහා ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75 දෙනකු සහභාගිවීමට නියමිතය.

ඒ අනුව මීට පෙර කුරුණෑගල පැවැති මහජන රැලියට සහභාගි නොවූ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20කට අධික සංඛ්‍යාවක් මාතර රැලියට සහභාගි වීමට නියමිතය.

කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, සරත් කුමාර ගුණරත්න, සරණ ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, රෝහණ කුමාර දිසානායක, මනූෂ නානායක්කාර, වී.කේ. ඉන්දික, සරත් වීරසේකර, ශ්‍රියාණි විජේවික්‍රම, ටී.බි. ඒකනායක, ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, තාරානාත් බස්නායක, අරුන්දික ප්‍රනාන්දු, ෂෙහාන් සේමසිංහ, ඩබ්ලිව්.සී. මුතුකුමාරණ, වීරකුමාර දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ, චානුක බුද්ධදාස, උදිත ලොකු බණ්ඩාර, තේනුක විදානගමගේ, වයි.ජී. පද්මසිරි, ජගත් බාලසූරිය, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ, මාලනී ෆොන්සේකා, කමලා රණතුංග, ජානක ප්‍රියන්ත බණ්ඩාර, ජානක වක්කුඹුර, සනී රෝහණ කොඩිතුවක්කු, රංජිත් සොයිසා, මොහාන් පී. ද සිල්වා, නිශාන්ත මුතුහෙට්ටිගම, නිල්වලා වීරසිංහ, සුසන්ත පුංචි නිලමේ, විදුර වික්‍රමනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම රැලියට සහභාගිවීමට නියමිතය.

එමෙන්ම ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ගුණරත්න වීරකෝන්, රමේෂ් පතිරණ, චන්දිම වීරක්කොඩි, ප්‍රභා ගණේෂන්, පී. පියසේන, මහාචාර්ය රජීව් විජේසිංහ, ජයසිංහ බණ්ඩාර, ආර්.බි. විමලදාස, පවිත්‍රා වන්නිආරච්චි, සී.බි. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, කනක හේරත්, ඉන්දික බණ්ඩාරනායක, ප්‍රියංකර ජයරත්න, ඩබ්ලිව්.බි. ඒකනායක, සුමේධා පී. ජයසේන, විජිත බේරුගොඩ, එච්.ආර්. මිත්‍රපාල, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ටිරාන් අලස්, චන්ද්‍රසිරි ගජධීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිර්මල කොතලාවල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මෙයට සහභාගි වීමට නියමිතය.