FAST NEWS

24×7 Around the Globe

සමාජ රෝග වලට සමාජ ජාලත් හේතුව වන බව හෙළිවේ.

 

ලිංගාශි‍්‍රතව බෝවන රෝග ව්‍යාප්තිය වර්ධනයට සහකරුවන් සොයා දෙන වෙබ් අඩවිත් හේතුවක්

ඇමරිකාව තුළ ලිංගාශ‍්‍රිතව බෝවන රෝගවල ව්‍යාප්තයේ සීඝ‍්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ සමාජ මාධ්‍ය හරහා සහකරුවන් සොයා දෙන යෙදවුම් විසින්ද මෙම වර්ධනයට රුකුල් දී ඇති බවයි.

2013-2014 කාලසීමාව තුළ රෝඞ්ස් දිවයින තුළ ලිංගාශ‍්‍රිතව බෝවන රෝග ව්‍යාප්තිය පිළිබඳව ප‍්‍රාන්ත බලධාරීන් විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව 30%කින් ගොනෝරියා හා 33%කින් එච්.අයි.වී වෛරස් ආසාදනයන් වර්ධනය වී ඇති අතර සිෆිලිස් රෝගය 79%ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

අනෙක් ප‍්‍රජාවන්ට වඩා ලිංගිකව එක්වන සමලිංගික හා ද්විලිංගික පිරිමින් අතර ලිංගාශ‍්‍රිත බෝවන රෝග වැඩි වේගයකින් ව්‍යාප්ත වන අතර අප‍්‍රිකා ඇමරිකානු, හිස්පැනික් හා තරුණ වැඩිහිටි ජනගහනයන් මෙම තත්වයට වැඩි වශයෙන් මුහුණ පා ඇතැයි හෙළිවී තිබේ.

පසුගිය වසර කිහිපය තුළ සමාජ ජාල භාවිතයෙන් බොහෝ විට නාඳුනන ලිංගික සහකරුවකු සොයාගැනීමට පහසුවී තිබීම මෙම තත්වයට වැඩි වශයෙන් හේතුවී ඇති බව රෝඞ්ස් දිවයින් බලධාරීන්ගේ අදහසයි.

කොන්ඩම් භාවිතා නොකිරීම, ලිංගික සහකරුවන් කිහිප දෙනෙකු සිටීම මෙන්ම මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර බලපෑම තුළ ලිංගික චර්යාවන්හි නිරතවීම මගින්ද මෙවැනි රෝග වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව පැවසේ.

2003 හා 2009 අතර ලිපිලේඛන දෝෂයක් නිසා රෝඞ්ස් දිවයිනේ ගණිකා වෘත්තිය නීතිගතව පැවති කාලසීමාව තුළ කාන්තාවන් අතර ගොනෝරියා ආසාදනයන් 39%කින් පහත වැටුණු බව වාර්තා විය.