FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී සජිනුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා තමාව එයින් ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (11දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත තමා ඇප මත නිදහස් කිරීමේ නියෝගය නිකුත් කරන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන මන්ත්‍රීවරයා 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.