FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ටිරාන් අලස්ව 29 දා තෙක් අත්අඩංගුවට නොගන්න අණ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා එළැඹෙන 29 දා තෙක් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැසීය.

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට ටිරාන් අලස් මන්ත්‍රීවරයා මීට ඉහතදී කටයුතු කරනු ලැබීය.

ඔහුගේ පෙත්සම විභාග කරනා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද නොපැමිණියේය. අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතාද විදෙස් ගතව සිටියි.

නියමිත විනිසුරු මඬුල්ල යටතේ යළි පෙත්සම සළකා බලන තෙක් මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්න බව නීතිපතිවරයා පැවැසීය.