FAST NEWS

24×7 Around the Globe

අද පස්වරු 6 සිට කොළඹ නුවර මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්.

 

කැලණිය, දළුගම ශ්‍රී විශ්ණු දේවාලයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් අද පස්වරු 6 සිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

එම පෙරහැර කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නුන්ගන්ගොඩ හන්දිය, පරණ නුවර පාර, දළුගම පොලිස් මුරපොළ අසලින් වමට හැරී ටයර් සංස්ථා හන්දිය ඔස්සේ ගමන් කර යලිත් කෝවිලට ඇතුලුවීමට නියමිත ය.

මේ හේතුවෙන් නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව ද පොලීසිය සඳහන් කළේ ය.

ඒ අනුව, නුවර සිට කොළඹට ගමන් ගන්නා වාහන බැලුම්මහර හන්දියෙන් වමට හැරී වැලිවේරිය, සියඹලාපේ හන්දිය, බණ්ඩාරවත්ත, කඩුවෙල පාලම හරහා කොළඹ දෙසට ඇතුළු විය හැකි ය.

කඩවත මංකඩ පාර, මාවර මණ්ඩිය, මීගහවත්ත, උඩුපිල හන්දියෙන් දකුණට හැරී දෙල්ගොඩ, සියඹලාපේ හන්දිය ඔස්සේ කඩුවෙල පාලම හරහාත්, කිරිබත්ගොඩ හන්දියෙන් මාකොල පාර ඔස්සේ ගෝනවල, කැලණිය පන්සල, කැළණිමුල්ල, වැල්ලම්පිටිය හරහාත් එම කාලය තුළ කොළඹට රථවාහන ධාවනය කළ හැකි බව පොලීසිය සඳහන් කළේ ය.