FAST NEWS

24×7 Around the Globe

යාපනයේ හමුදා කඳවුරු 59ක් ඉවත් කළා – මේජර් ජනරල් නන්දන උඩවත්ත

යාපනයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කඳවුරු පමණක් තබාගනිමින් එම දිස්ත්‍රික්කයේ පැවැති හමුදා කඳවුරු 59ක් මේ වන විට ඉවත්කොට තිබෙන බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරල් නන්දන උඩවත්ත මහතා පැවැසීය.

දිවයිනේ අනෙකුත් ප්‍ර දේශවලට සාපෙක්ෂව යාපනයේ ආරක්ෂාව තරකර ඇතැයිද, හමුදාවට යටතේ තිබූ ඉඩම් අක්කර 12901ක් නිදහස් කළ බවද ඔහු කීවේය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේජර් ජනරාල්වරයා මෙම අදහස් දැක්වීය. යාපනය දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකට යා හැකි අයුරින් ආරක්ෂාව තර කර ඇති බවත් ඔහු පැවැසීය.