FAST NEWS

24×7 Around the Globe

පුත්තලමේ බාලවයස් තරූණියක් සමුහ දුෂණයකට ලක්වෙයි.

 

බාලවයස් තරුණියක් පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දී සමූහ දූෂණයකට ලක්ව තිබෙනවා. පළමුව ඇය දූෂණයට ලක්ව ඇත්තේ සිය පෙම්වතා බව කියන තරුණයෙකුගෙන්.

කල්අඩිය ප්‍රදේශයේ පොල්වත්තක දී අදාල අපරාධය සිදුව තිබෙනවා. සැගව සිටි තවත් දෙදෙනෙකු එය ජංගම දුරකථනවලින් වීඩියෝ ගත කර ඇති අතර එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් ඔවුන් අදාල තරුණිය දූෂණය කර ඇති බවයි පොලිසියට ලැබුණු තොරතුරුවල දැක්වෙන්නේ.

පෙම්වතා බව කියන තරුණයා පලාගොස් තිබෙනවා. දූෂණයට ලක්වු තරුණිය 17 වැනි වියේ පසුවන්නියක්. මේ වන විට ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. පෙම්වතා බව කියන තරුණයා 24 වැනි වියේ පසුවන්නෙක්. සැකකාර අනෙක් තරුණයන් දෙදෙනා 19 සහ 21 වැනි වියේ පසුවන අයයි.

පොලිස් විමර්ශනවලදී ඔවුන් 03 දෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය අද අද ඉදිරිපත් කිරීමට නියමිතයි.