20වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නම් කොට්ඨාස ක්‍රමය යටතේ තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව 125 ට වඩා වැඩි කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.
එම සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ (09දා) පැවති අතර, එහිදී මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබේ. එහිදී සාකච්ඡා වූ කරුණු අනුව සන්ධානයේ යෝජනාව ඇතුළත් සංශෝධන ජනාධිපතිවරයා වෙත ඉදිරියේදී ලබාදීමට නියමිතය.
පෙරේදා (08දා) පැවති කැබිනට් රැස්වීමේදී මන්ත්‍රීවරුන් 125ක් කාට්ඨාස ක්‍රමයටද, 75 ක් දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයටද, 25ක් ජාතික ලැයිස්තු ක්‍රමයටද පත්කිරීමට අනුමැතිය ලැබිණි. ඒ සඳහා නව නීති කෙටුම්පත ලබන සිකුරාදාට (12දා) පෙර සකස් කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.







