ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ශ්රීලනිපයෙන් අපේක්ෂකත්වය අයදුම් කර තිබේ.
ඒ සමඟම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී බොහෝ මන්ත්රීවරුන් සිය අයැදුම්පත් බාරදී ඇතැයිද ශ්රීලනිප ආරංචි මාර්ග කියයි.
මැතිවරණයට තරග කරන ශ්රිලනිප අපේක්ෂකයින්ගෙන් අයැදුම්පත් කැදවීම ඉකුත් 5 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ නමුත් එය තවත් සතියකින් පමණ දීර්ඝ කිරීමට ශ්රීලනිප පියවර ගෙන ඇත.







