තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා ඇති බවට නාමල් රාජපක්ෂ මහතා Tweet පණිවුඩයක් නිකුත් කර තිබේ.
ඔහුගේ එම පණිවුඩයෙහි දැක්වෙන්නේ, ජූනි මස 12 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස තමන්ට දන්වා ඇති බව ය.
ඒ සඳහා හේතු දැක්වීමක් කර නොමැති බව ද එම පණිවුඩයෙහි සඳහන් වේ.







