FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නඩුව මාස ගණනකට කල්තබයි.

ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන රුපියල් 527500ක මූල්‍ය වංචාවක් කළැයි කියන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමෙන් පසු පළමු නඩු විභාගය අද (8) පැවති අතර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නීතිපති උපදෙස් ලැබෙන තුරු නඩු විභාගය නොවැම්බර් 9 ට කල් තැබීය.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සාකීර් හා ලක් සතොස හිටපු සභාපති කේ.එම්.ආර්.ප්‍රනාන්දු තිදෙනාට විරුද්ධව කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව ගොනු කර ඇත.