FAST NEWS

24×7 Around the Globe

කොටි නායකයින්ට බාරවීමට තමන් අණ නෙකල බව කනිමෝෂි පවසයි.

යුද සමයේදී කොටි නායකයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත බාරවීමට තමා උපදෙස් නොදුන් බව ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයේ නායක කරුණානිධිගේ දියණිය කනිමෝෂි ‘ද හින්දු‘ පුවත්පතට කියා ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.

කොටි සංවිධානයේ නායකයකුවූ එලිලන්ගේ බිරිඳ වන වත්මන් උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් තම සැමියා යුද්ධයේ අවසන් කාලයේදී ආරක්ෂක අංශ වෙත බාරවූයේ කරුණානිධි සහ ඔහුගේ දියණිය ලබාදුන් උපදෙස් මත බව පසුගියදා හින්දු පුවත්පත සමග සාකච්ඡාවකදී කියා තිබුණි. කනිමෝෂි එසේ උපදෙස් දී ඇත්තේ සැටලයිට් තාක්ෂණය ඔස්සේ තම සැමියා හා සම්බන්ධ වෙමින් බවද ආනන්දි ශෂිදරන් කියා ඇත.

නමුත් කනිමෝෂි කියන්නේ ඇය එලිලන් නමැත්තකු කොටි සංවිධානයේ සිටි බවද නොදන්නා බවයි.

එවැනි උපදෙසක් ලබාදීමේ බලයක් තමා සතුව නැති බවත් කනිමෝෂි පවසන්නීය.