FAST NEWS

24×7 Around the Globe

බැසිල්ගේ ඇප අයැදුම කල් යයි.

දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ ඇප අයැදුම මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ලබන 15 වැනිදාට කල් තැබුවාය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා ඉල්ලා සිටියේ රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ තීරණයක් දෙන තුරු මෙම විභාගය කල් තබන ලෙසයි.