FAST NEWS

24×7 Around the Globe

20 වෙනි සංශෝධනය පිළිබද අවසන් තීරණය අද සවස.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා ඇත. එය පස්වරු 6ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනු ඇති බව රජයේ අමාත්‍යවරයෙකු සදහන් කර සිටියේය.

දැනට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අවසන් අනුමැතිය ලබා ගැනීම මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය මැයි මස 13 වැනිදාය.එහිදී දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව ඇති යෝජනා සැලකිල්ලට ගෙන අවසන් වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍යවරුන් 9 දෙනෙකුගෙන් යුත් කැබිනට් අනු කමිටුවක් ද පත් කීරිම සිදු කෙරුණි.

කෙසේ වෙතත්, අද පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා අනුමැතිය හිමිවුවහොත් එය ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.