FAST NEWS

24×7 Around the Globe

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බවට ප්‍රකාශ කර එම කොට්ඨාසය සහ එය පිහිටවූ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයට අද (05) රිට් පෙත්සමක් ගොනු ගොනු කළහ.

පොලිස් ආඥා පනතට සහ පවතින නීතියට පටහැනිව එම කොට්ඨාසය පිහිටුවා ඇති බැවින් එම කොට්ඨාසයේ නිලධාරීන් කරන විමර්ශන වල නීතිමය වලංගුභාවයක් නැති බව ද පෙත්සමේ සදහන් වේ.

පොලිස්පති මෙම පෙත්සමේ වගඋත්තරකරුය.

අගමැතිවරයා ගේ අනුමැතියට යටත්ව පත්කළ කැබිනට් අනු කමිටුවක් හමුවේ කරන විශේෂ පැමිණිලි විමර්ශනය කිරීම සදහා මෙම විශේෂ පොලිස් ඒකකය ස්ථාපිත කර ඇති බවත්, අගමැති යටතේ කැබිනට් අනුකමිටුව එම පොලිස් ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දෙනු ලබන නියෝග අනුව විමර්ශන සිදුකිරීම පවතින නීතියට සම්පූර්ණයෙන්ම පටහැනිව බවත් පෙත්සමේ සදහන්වේ .