FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් අතට.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත භාර දී තිබේ.

ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.

එම යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 112 දෙනෙකු අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිව්ස්ෆම්ට් කළ විමසිමකදි සඳහන් කළේ ය.