FAST NEWS

24×7 Around the Globe

දයාසිරි අකිලගේ නියෝගයටත් ඉහළින් යයි.

නාරම්මල මයුරපාද ජාතික පාස‍ලේ ඉදිකළ ගුරු විවේකාගාරය විවෘත කිරීම සඳහා සූදානම් කර තිබූ උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නියෝගය මත අවලංගු කර තිබියදී වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් ඊයේ (04) උදෑසන විවෘත කර ඇත.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අදහසකට අනුව වයඹ පළාත තුළ මෙවන් ගුරු විවේකාගාර 3ක් ඉදිකොට ඇත. ඒ අනුව මයුරපාද විදුහ‍ලේ ගුරු විවේකාගාරය විවෘත කිරීම සඳහා දින ලබා දී ඇත්තේ ද දයාසිරි ජයසේකර මහතා විසිනි. නමුත් උත්සවය පැවැත්වෙන දිනට දින තුනකට පෙර ලැබුණු නියෝගය මත උත්සවය අවලංගු කර ඇත. කෙසේ වුවද දයාසිරි ජයසේකර මහතා පැමිණ කිසිදු පිළිගැනීමකින් හා උත්සවයකින් ද තොරව ගුරු විවේකාගාරය විවෘත කරන ලදී.