FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදීගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ සඳහා තරඟකාරී මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවීමට බලාපොරොත්තු වන බව අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළේය.

මේ අතර විදුලි ගැටළු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.