FAST NEWS

24×7 Around the Globe

ඌව පළාත් ඇමතිට එරෙහිව ජවිපේ අල්ලස්සට යයි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා විසින් අද(31) පෙරවරුවේ එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් පළාත් සභාවේ මුල්‍ය හා පරිපාලන කටයුතු බිඳ වැටී ඇති බවට සමන්ත විද්‍යාරත්න මහතා චෝදනා කරයි