FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමී කුමාර් ගුණරත්නම්ට අධිකරණයෙන් සිර දඩුවම් නියම කරයි.

අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ට වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් අද (31) නියෝග කළේය.

රටෙහි ඇතිවූ දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තම ජීවිත වලට තර්ජන ඇතිවූයෙන් ආර්.එම්.දයාල් නමින් තමන්  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය කුමාර් ගුණරත්නම් එහිදී නොයෙල් නමින් තම නාමය වෙනස් කොට  ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇත.

පසුව ඉකුත් ජනවාරි 29 වැනිදා ඔහු ඕස්ට්‍රේලියා විදේශ ගමන් බලපත‍්‍රය මඟින් මෙරටට පැමිණි අවස්ථාවක නීතිවිරෝධිව රැඳී සිටීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කැරිණි.