FAST NEWS

24×7 Around the Globe

පාරිභෝගික අධිකාරීයට එරෙහිව එක්සත් ජාතින්ගේ සංවිධානයට පැමීණිල්ලක්.

පාරිභෝගික අධිකාරියට එරෙහිව එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත පැමිණිලක් ඉදිරිපත් කීරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ හෙට(01) දිනයේ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

මෙරට පාරිභෝගික ජනතාවගේ අතිවාසිකම් තහවුරු කිරීමට සහ පාරිභෝගික ජනතාවගේ ජිවිත සුරක්ෂිත කිරීමට පාරිභෝගික අධිකාරිය අපෙහොසත්ව ඇති බව පවසා එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතය.

වෙළඳපොළ තුළ පාලන මිලක් පැවැතිය ද එය ක්‍රියාත්මක නොවන අතර  පාරිභෝගික වෙත ඉදිරිපත් වන පැමිණිලි හෝ විභාග කිරීම කඩිනම් කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කටයුතු නොකරන බවට රංජිත් විතානගේ මහතා චෝදනා කරයි.